7:18:00 AM
1

ගොඩක් කාලෙකින් ලියන බ්ලොග් පෝස්ට් එක ෂාරුක් ඛාන් ගේ Fan ෆිල්ම් එක ගැන ලියන්න හිතුව. 
ඇත්තටම Fan කියන්නෙ සුපිරි ෆිල්ම් එකක්. මොකද කියනව නම් Fan ෆිල්ම් එකේ ගෞරව් චාන්ද්නා සහ ආර්‍යන් ඛන්නා ඇත්තම ෆෑන්ස්ලට පුදුමාකාර වටින පණිවිඩයක් දෙන්නෙ. 
හිතන්න අද ලෝකෙ කොච්චර නලුවො මත්තෙ ජීවත් වෙන ජීවිත කොච්චර තියෙනවද කියල. හැබැයි ඒ එක ෆෑන් කෙනෙක්වත් ඒ නලුවව නිළියව ඇත්තට හම්බ වෙලා කතා කරල නෑ. නලුවො කියන්නෙ නලුවො. නලුවොන්ට ඕනම වෙලාවක ඕනම රඟපෑමක් කරන්න පුලුවන්. සමාජෙට ආවට අපි දන්නවද ඒ මොහොතෙත් ඒ නලුවො කරන්නෙ රඟපෑමක්ද නැද්ද කියල. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. 
හිතන්න. දොස්තර කෙනෙක් දවසකට රෝගීන් 100 ක් බලනව. හැබැයි එක රෝගියෙක් බෙහෙත් ගන්න යන්නෙ ඒ දොස්තර ගාවට විතරයි. ඒ වගේම ඒ දොස්තරට ඒ රෝගියා එක රෝගියෙක් විතරයි. රෝගියා දැනගන්න ඕන තමන් මහන්සි වෙලා දොස්තර මහත්තය කියපු පරීක්ෂණ කරගන්න. 
ඒ වගේමයි ගුරුවරයෙක් ළමයි 100කට උගන්නවනම් ඒ ගුරිවරයට එක ළමයෙක කියන්නෙ  එක ළමයෙක් විතරයි. ළමය දැනගන්න ඕන ගුරුවරය කියපු විදියට විෂය පස්සෙ හඹා ගිහිල්ල තමන්ගෙ ඉලක්ක සපුරගන්න.
ඒ වගේමයි නලුවෙක්ට නිළියෙක්ට ෆෑන් කෙනෙක් කියන්නෙ එක ෆෑන් කෙනෙක් විතරයි. නලුවොන්ට බෑ එක ෆෑන් කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කරන්න. 
මේ පණිවිඩය ය තේරුම් ගත්ත නම් මම හිතනව ඔබ Fan ෆිල්ම් එක බලන්න වැය කරපු කාලය අපතේ ගිහින් නෑ කියල.

1 comments: