7:01:00 AM
0


පොඩි  බබෙක්ව වඩාගෙන අම්ම කෙනෙක් බස් එකට නැග්ග. බස් එකෙ සෙනඟ පිරිල ඉතිරිල තිබුනෙ. අර කිව්ව අක්ක ළමයව වඩාගෙන බස් එකේ නැගිටගෙන. ඒ අම්මට සීට් එකක් දෙන්න එකෙක්ටවත් බැරි වුනා. නැගිටල හිටපු කෙනෙක් කිව්ව කවුරු හරි සීට් එකක් දෙන්න කියල.ඊට පස්සෙ එක ඇන්ටි කෙනෙක් නැගිටින්න වගේ හදල ආයි වාඩි වෙවී මොකක්ද විකාරයක් කරා. හරියට නිකන් හතර හන්දි වල මළකඩ බැදිල වගේ. අර බබා වඩාගෙන ඉඳපු අම්මගෙ අම්ම කිව්ව ඔය වාඩි වෙලා ඉන්න කාට හරි බබාව දෙන්න කියල. ඒ අක්ක බබාව අර නැගිටින්න වගේ හදපු ඇන්ටිට බබාව දෙනකොටම ඉස්කෝලෙ ඇදුමක් ඇඳගෙන හිටපු පුන්චි ළමයි දෙන්නෙක් නැගිට්ට.ඒ ළමයි දෙන්න්ගෙ ඇතින් ඇදල ඇස් දෙකෙන් එපා කියන්න වගෙ තරහින් ඒ ළමයි දෙන්න දිහා බැලුවෙ ඒ ළමයින්ගෙ අම්ම.අර කලින් කිව්ව බබා වඩා ගත්ත අක්ක වෙන කෙනෙක්ට බබාව දීල හිටගෙන ආව.වටේටම වාඩි වෙලා හිටිය් ගෑනු. එක පට්ට බැල්ලියෙක්වත් නැගිට්ටෙ නෑ.ගෑනියෙක්ට ගරු කරන්න බැරි ගෑනු ගොඩක් මැද්දෙ මමත් ආව. අර බබාව අරගෙන අර අම්ම බැස්ස.බස් වල විතරක් නෙවෙයි, ගෑනියෙක්ට ගරු කරන්න බැරි තවත් ගෑනියෙක මේ රටට වැඩක් නෑ.උන් බලන්නෙ තමන්ගෙ මිනිහයි තමන්ගෙ ළමයයි ඉදිරියට යවන්න විතරයි. මහ ලොකුවට කිරි සප්පයින්ව කුදලගෙන් ශිෂ්‍යත්ව පන්තියට යන්න පුලුවන්. ළමයෙක්ට හොඳ නරක කියල දෙන්න බැරි නම් ළමයෙක්ගෙන් වත් හොඳ නරක ඉගෙන ගනිල්ල.කුහක ලෝකෙක පුන්චි එකාගෙ ඉඳන්ම ලෝකෙ නැති කර්න්න මූලික වෙන්නෙ වෙන් කවුරුත් නෙවෙයි. ගෑනු.හැබැයි හැම ගෑනිම නෙවෙයි හොඳ අය අනන්තයි. නරක අය අප්‍රමානයි.අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි.හරිම ලැජ්ජයි









0 comments:

Post a Comment