6:41:00 PM
9

ඔවුහු,
ශිෂ්‍යයෝ වූ හ
ඉගෙන ගත් හ

කඩ යිම් පසු කළ හ

සරසවි වරම් ලැබ ගත් හ


ඔවුහු,
තරුණයෝ වූ හ.
සමාජය දැක ගත් හ.

හදවත් කම්පා කර ගත් හ


ඔවුහු,
අරගල කළ හ
විවේචනය කළ හ

විප්ලව කරන  බව කී හ


ඔවුහු සමාජවාදීයෝ නම් වූ හ

ඔවුහු,
කල් ගෙවූ හ
උපාධිධාරීන් වූහ



ඔවුහු සමාජවාදීන් නම් වූ හ

ඔවුහු,
රැකියා කළ හ
මධ්‍යම පාන්තිකයෝ වූ හ



ඔවුහු,
මැදි වයස පසු කළ හ
ධනය ආයෝජනය කළ හ

ධනවත්තු වූ හ

මොළ පාදා ගත් හ


ඔවුහු ධනවාදය හොඳ යැයි කීහ

ඔවුහු ධනවාදීහු වූහ

අතීතය සාක්ශි දැරීය

සටහන -
ටිෂාන් ඈපා සෙනෙවිරත්න

9 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා
      (cheer)

      Delete
  2. Attha kathawa mcn lassanata liyala thinawaa Ela bro

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන් cheer

      Delete
  3. Minisunta dewal labenakota ayalage hith loku wenawa. Ayala wenas wenawa hithana vidiha hasirima serama. Parana dewal amathaka wenawa.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මචන්. ගොඩක් මිනිස්සුන්ට අතීතය අමතක වෙන්න ප්‍රධාන හ්‍රෙතුවක් තමයි හරි ප්‍රතිපත්තියක් නැතිකම.

      Delete
  4. oka tama hama tanama wenne bn... zirrawatama

    ReplyDelete