11:53:00 PM
0

"කව්ද යකූ මාව මෙච්චර ගෲප් තොගේකට ඇඩ් කරේ. " මේ වගේ ස්ටේටස් ගානක් මම දැකල තියෙනව බුකිවැසියන් බුකිගත කරල තියෙනව. 
ඇත්තටම මටත් මේ මගුල් ගෲප් නිසා හෙන #අපසෙට්. 
ඇත්තම කිව්වොත් වැදගැම්මකට ඇති ගෲප් පහ හයයි මේ අස්සෙ තියෙන්නෙ. අනිත් හැම එකක්ම මෙලොව රහක් නෑ. ඇඩ් වෙලා ඉන්න අපිට වැඩකුත් නෑ. අපිව ඇඩ් කරපු උන්ට වැඩකුත් නෑ. ඔය ගෲප් වල ඉන්න එවුන්ට මාර ප්‍රශ්න බං තියෙන්නෙ.
ඔයාගෙ හමේ පාට මොකක්ද
රෑට අදින ඇඳුම මොකක්ද
පොදු අපෙව්ක්ශකය කව්ද
ඔයා තනිකඩද නැද්ද
පාවිච්චි කරන ෆෝන් එක මොකක්ද
මේ ඔය ගෲප් වල ඉන්න සමහර උන්ට තියෙන ප්‍රශ්න වලින් ටිකක්. 
අපේ හමේ පාට මොකක් වුනාම මුන්ට් මොකද
අපි රෑට මොන ඇඳුම ඇඳගෙන නිදාගත්තම මුන්ට මොකද. කොටින්ම රෑට ඇඳුම් අඳින් නැතුව හිටියත් මුන්ට මොකද. පොදු අපෙක්ශකය ඉදිරිපත් වෙලා ඉන්න නිසා මුන්ට දැන් උන්ගෙ පශ්චාත් බාගෙ තියෙන සියුම් අමාරුව හොඳ වෙලා ඇති. අපි තනිකඩ උනත් නැතත් මුන්ට මොකෝ. අපි තනිකඩ නම් අපිට මුන් කෑලි සෙට් කරන්නද. අනේ මංද බං මුංගෙ මහ අමුතු සොයං වින්දන තියෙන්නෙ.
මේ ගෲප් වලට පොස්ස්ට් දාන එවුන්ගෙන් 80%ක්ම කෙල්ලො තමයි මේ වගෙ එළොවටත් නැති මෙළොවටත් නැති මෙලෝ විළිසංගයක් නැති පොස්ට් දාන්නෙ. 
මං දැක්ක එක කෙල්ලෙක් අහල තිබ්බ 
"ඔයා ආදරේ කරන එක්කෙනාගෙ නමේ මුල් අකුර කමන්ට් කරන්න කියල" ඇයි මේකි අපි ආදරේ කරන එකාගෙ නමේ මුල් අකුර අරං ගිහින් නූල් පන්නවල දෙන්නද දන් නෑ. මම ආදරේ කරන්නෙ අයිස්චර්යට. අකුර අයන්න. දැන් ගිහින් නූලක් පන්නල දීපං. ගෲප් හදනවනං වැදගැම්මක් ඇති එකක් හදපල්ල බං. නිකන් මෙලෝ රහක් නැති පොන්සි ආතල් දෙන ගෝත ගෲප් නහදා

0 comments:

Post a Comment