9:16:00 PM
0

 බාලිකාවියන් තක්සලා දොරින් ඉස්සිලා හොරෙන් බලාවි කිව්වෙ ජානක වික්‍රමසිංහ. මට හිතෙන්නෙ දමිත් අසංක "බාගෙට සැලුන් දොරෙන් රිංගා" කියල කියන්නෙත් මේ ආස්‍රයෙන් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි. මෙතනට අජිත් මුතුකුමාරණ ත් එනව. පොර කියන දේ අන්තිමට කියන්නම්. පුලුවන් නම් මේ සින්දු තුන අහලම බලන්න. අහල ආයි මේක කියවන්න්.


"ලියා මුතු වදන්

යොමා සුවඳ පැන්

එවා දූතයන් කර මත මහා පෙම් හසුන්,


මවා බොරු වදන්

ගෙනා අවසරෙන්

ම්දී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්"


මෙතනදි ජානක මෙහෙම කියද්දි දමිත් අසංක මෙහෙම කිව්ව.


"ටියුෂන් මාස්ටරුත් ඉන්නෙ නොදුටු ලෙසින්

පෙම්පත් පොතින් පොතට යන්නා

ලයිසන් තියෙන නිසා

ජව්සන් නටන තුරා

සිකුරුටියාද බලා ඉන්නා"


ජානකගෙ කාලෙ ගෑනු ළමයි තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බැලුවෙ තමන්ගෙ පෙම්වතා අර ට්‍රේල් බයික් එකේ නැගල රාවනා වඩින්න වගේ එනවද කියල. ඒකත් හොරෙන්.. ඒ මට හිතෙන්නෙ ගුරු භක්තියට වගේම ගුරුවරයට අහු වුනොත් ඇති වෙන ලැජ්ජාව නිසා. 


ඒත් දමිත්ගෙ කාලෙ තක්සලාවක් නෑ. තියෙන්නෙ ටියුෂන් ක්ලාස්. ඉස්සිල, හොරෙන් බලන්න ඕන නෑ.  මොකද සර්ට බය නෑ. ඇයි සර්ට සල්ලි දීල කාඩ් එක අරන් ක්ලාස් එන්නෙ. සමහරවිට මේ දමිත් කියන "සිකුරිටි" කියන්නෙ කාඩ් කපන අයිය වෙන්නත් පුලුවන් කියලයි මට හිතෙන්නෙ.


ඒ තමයි දමිත්ගෙ ඉගෙන ගන්න කාලෙයි ජානක ඉගෙනගන්න කාලෙයි පෙම් පලහිලව් ගලාගෙන ගිය එක සන්ධිස්ථානයක් පැහැදිලි වුන හැටි .


මම කිව්වනෙ අජිත් මුතුකුමාරණ ත් මෙතන ඉන්නව කියල. 


පොරට තමයි හැබැයි සිරාම සිද්දිය වෙලා තියෙන්නෙ. හැබැයි පොර ටිකක් හොඳ ගුරුවරයෙක් ගාවට වැටිල තියෙන්නෙ. පොරත් පෙම්පතක් ලිව්ව.  පුදපු ගමන් කාපි යකා කියල, පොරගෙ පෙම්පත සර්ට අහු වුනා. හැබැයි පොරත් අරින් නෑ . ගේමටම කියනව,


"පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී

අකුරට ආ දා ඇගෙ සිත බැඳුනී" 


කියල.


#storyfromtishan

Next
This is the most recent post.
Older Post

0 comments:

Post a Comment