2:42:00 AM
4

මහින්ද මහතා නැවත දේෂපාලනයට ඒම ටිකක් අමුතු සිද්දියකි. එනම්, ඔහු නැවත පුටුවෙන් බංකුවට වැටීමට නියමිත බවය.  එය එසේ වන්නේ විදායකය තිබෙනතාක් පමණි. ජ වි පෙ පවසන පරිධි විදායකය අහෝසි වූවොත් හා එවිට මහින්ද මහතා අගමැති වීමට වරමක් ලැබුනහොත්, එහිදී සිදු වී ඇත්තේ පුටුවට වඩා තරමක් උස අඩු බංකුවක ඔහු වාඩී වීමක් වැනි දෙයකි.
නමුත් 2015 ජනාධිපතිවරණයේදී පැවසූ පරිදි ව්‍යවස්ථාව සංශෝධනය වූවහොත් නම් මහින්ද මහතා වාඩි වන්නේ 2001 දී රනිල් මහතා වාඩි වූ බංකුවට වඩා ටිකක් උස බංකුවකය.
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වී සිටින තාක් එම පුටුවට වඩා උස බංකුවක් සෑදීම අපහසුය.
මේ සියල්ලටම පෙර මහින්ද අගමැති විය යුතුය. ඒ සඳහා තරඟ කළ යුත්තේ රනිල් සමඟය. මේ වෙලාවේදී නම් එය එතරම් පහසු කටයුත්තක්  නොවේ . ඊට හේතුව ග්‍රාමීය එජාප පාක්ශිකයා දැන් ඇහැරී ඇති නිසාය. ශ්‍රී ල නි පය අගමැති අපේක්ශකයා නම් කර නැත. නමුත්, ශ්‍රී ල නි පයේ නිමල් සිරිපාල අගගමැති අපේක්ශකයා වී මහින්දද තරඟයට ආවොත් පැහැදිලි ජයග්‍රහණය රනිල්ගේ අතේය.
    එය මෙසේය. ශ්‍රී ල නි පයේ බහුතරය නිමල් සිරිපාල සමගය. තවත් කොටසක් මහින්ද සමගය. එවිට ඡන්ද පදනම දෙදරා යෑමක් සිදු වේ. තවද ජෙනරාල් හා මුස්ලිම් කොන්ග්‍රසය රනිල්ට සහය දුන්නොත්, රනිල්ට පැහැදිලි ජයග්‍රහනයකි.
හොඳයි, මහින්ද විතරක් විපක්ෂයෙන් ආවොත්.
මහින්ද විතරක් ආවොත් සිදු වන්නේ නොබැම්බරයේ මෛත්‍රී සමඟ එළියට ආ පිරිස සන්ධානයෙන් නැවත් එළියට බැසීමයි. එවිටද සිදු වන්නේ ශ්‍රී.ල.නි.ප. ඡ්න්ද පදනම දෙදරා යෑමයි. බැරි වෙලාවත් එළියට බසින පිරිස රනිල්ට එකතු වූවොත් රනිල්ට ගේමක් ඇත්තේම  නැත.
   මේ අනුව ශ්‍රී.ල.නි.ප යට හොඳම දේ නිමල් සිරිපාල සමඟ තනිව තරඟ වැදීමයි. එහිදී ජෙනරාල් තමා සමඟ එකතු කරගැනීමට ශ්‍රී.ල.නි.පය උත්සුක වූවොත් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු සුබදායක කරගත හැක.  කෙසේ වෙතත්  දැනට වැඩි වාසිය ඇත්තේ රනිල්ටය.
නමුත් නිදහස් සන්දානය නිමල් සිරිපාල සමඟ එක් ස්ථාවරයකින් මැතිවරණයට පැමිණියහොත් තරඟයක් දැක බලාගැනීමට හැකිය.
ජවිපෙ මෙම මැතිවරණයේදි ආසන 15කට වැඩි ප්‍රමාණයක් ලබා ගනී යැයි බලාපොරොත්තු විය හැක. ඒ ජවිපෙ ඡන්ද හැරුන විට පාවෙන් ඡන්ද යැයි සැලකෙන ඡන්ද වලින් බහුතරය ජවිපෙට හිමි වීම ය. ඊට හේතුව මැතිවරණයට පෙර පැවසූ දූශන වංචා සෙවීම හා හොරු සිරගත කිරීම් පිළිබඳව, පවතින ප්‍රදාන පක්ශ දෙක ගැනම ජනතාවට විශ්වාසයක් නැති වීමයි.
ඒ අනුව අගමැති වීමට සිහින දකින අයගෙන් රනිල්ට වැඩි වාසි පවතී. කෙසේ වෙතත් ඉදිරියේදී කුමක් වේදැයි, අපි බලා සිටිමු.
ජෙනරාල්ගේ පක්ශයද තනිව මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුටද පාර්ලිමේන්තුවේ ආසන තුනතරක් සමඟ කටයුතු කිරීමට සිදු වේ.  එහෙයින් ඔවුන් රටේ ප්‍රදාන පක්ශ දෙකෙන් එකක් සමඟ එකතු විය යුතුමය.


Newer Post
Previous
This is the last post.

4 comments:

  1. kauru awath Ranil thamai Prime Minister

    ReplyDelete
  2. ammapa hena gahanna one mahindawa elawanna kiyala hadawathiinma pathana unta ponnayo ralakata me rata denna lajjanathi haththa

    ReplyDelete
  3. Ranila thamai bn ithin...

    ReplyDelete