9:35:00 PM
0
අවුරුද්ද අලුත් විය. ඒ සමගම සිංහලයා අවුරුදු  සමරන ආකාරයද අලුත් වී ඇත. කැවුම් වෙනුවට කේක් කන්නට හුරු වී ඇත. කොකිස් වෙනුවට බිස්කට් කෑමට හුරු වී ඇත. ඒ කෙසේ වෙතත් අපි පොඩි කාලේ නම් අප්‍රේල් ලබන විටම අවුරුද්දක් ආවා යැයි මනසට හැඟෙන්නේ කොහා හැඬලීමේ ශබ්ද  ඇසීමෙනි .නමුත් "කොහා" ද අලුත් ක්‍රමේට හුරු වීද මන්දා ඌ එන්නෙ මැයි මාසයටය. ඒ ඇවිත් කොහෝ කියා ජෝක් එකක් කර යන්නේය. දැන් හැදෙන උන්ට අවුරුද්ද ආවා යැයි හැඟෙන්නේ ටී වි එකෙ රෝසා ගේ තේ කොළ ඇඩ් එක යන්නට පටන් ගත් විටය. උණ වෙඩි සාදන යුගයක් අද නැත. ඇත්තේ රතිඤ්ඤා  යුගයකි. වරදක් නැත. ඇත්තෙන්ම වරදක් කීමට නොහැක. මන්ද යත්., අතිශය කාර්‍යබහුල ජීවිත ගත කරන අම්මට තාත්තලට තම පොඩි එකාට තමා පොඩි කාලේ උණ වෙඩි සාදපු හැටි කියා දෙන්නට වෙලාවක් නැති වන්නට් පුලුවන්. ඔළිඳ කෙලින්නට අද කාලේ එවුන් දන්නේ නැතිය. උන් දන්නේ චකබ්ලාස්ට් අදින්නටය. පන්චා දැමීම කෙසේ වෙතත් ෆේස් බුක් එකේ ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරන්නේය. අවුරුදු ක්‍රීඩා සිරිත් විරිත් මෙසේ වෙනස් වී ඇත. නමුත් නගරෙන් ගමට ආ විට ඔය සියල්ල දැක ගත හැකිය.අතිශය  කාර්‍යබහුල ජීවිත මේ සියල්ලටම වග කිව යුතුය. ළෝකය යන ක්‍රමය නිසා දැන් හැරීමට කාලයක් නැත. කළ යුත්තේ තිබෙන සිරිත් විරිත් ආරක්ෂා  කොට අතපසු වූ සිරිත් විරිත්  හැකි පමණින් නැවත ගෙන ඒමයි.

0 comments:

Post a Comment