11:54:00 PM
0

මහින්ද රාජපක්ෂ ජනාදිපතිවරනයෙන් පරාජයට පත් වූ පසු ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ටත් වඩා බිය වූ කීපදෙනෙක් විය. විමල් වීරවන්ශ ඒ අතරින් ප්‍රධානය. ගම්මන්පිල වාසුදේව දිනේශ් ගුණවර්දන සෙසු චරිත විය. මහින්ද පරාජය නිසා මොවුන් බිය වූයේ වෙන යම් හේතුවක් නිසා නොව, තනිව තරඟ කර ජය ගැනීමට මොවුන්ගෙන් එක් අයෙකුටවත් නොහැකි නිසාවෙන් බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පහ ශ්‍රේණියේ දරුවෙක්ට පවා තේරුම් යන කරුණකි. එහෙම බැලූ කළ මොවුන් එක්තරා අන්දමක දේශපාලන අනාථයින් බව කිව යුතුමය. මෙම අනාතයින් ට එකම සරණ අන් කිසිවෙක් නොව මහින්ද රාජපක්ෂ නම් දැවැන්ත වෘක්ෂය යි. තවද මොවුන්ට මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපතිතුමා සමඟ ලැජ්ජාවක් ඇතුව හෝ නැතුව එකතු වීමටද නොහැක. සිරිසේන ජනාදිපතිතුමා පොදු අපේක්ශකයාව සිටියදී වීරවන්ශ සන්ධාන වේදිකාවේ කෑගැසූ අයුරු අපි කවුරුත් දනිමු.
මෙම පිරිස මහින්ද පහනෙන් එළිය සාර්තකව බැලූ බව ඡන්ද ප්‍රතිඵල විමසීමේදී ඇහැදිලිව පෙනී යයි. මන්ද යත්, විමල් කොළඹින් මනාප ඡන්ද ලක්ශ 3 ඉක්මවද්දී ගම්මන්පිල මනාප ඡන්ද 1,98,818  ලබා ගනිද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ජ්‍යේශ්ඨයෝ වන සුසිල් ප්‍රේම්ජයන්ත් සන්ධාන ලයිස්තුවේ තුන්වෙනියා වී ගාමිනී ලොකුගේ ලයිස්තුවේ පස්වෙනියා වී ජාමේ බේරාගත් ආකාරය පෙනීමෙනි.

එහෙම බලනකොට විමල්, ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන මහින්ද පහනෙන් ලස්සනට එළිය බැලූ අය වේ.

අන්තිමට සිදු වී ඇත්තේ සන්ධානයේ සෙසු නියෝජිතයෝ ශ්‍රී.ල.නි.ප යේ මහින්ද පහනින් එළිය බලා මහින්ද පහනේ එළිය අඩු වීම පමණි.

0 comments:

Post a Comment