6:27:00 AM
0
ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්න ඕන කියල මට හිතුන.
කෝකටත් කියල අද අපි ගැනගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්න ඕන කියල මට හිතුන.
කෝකටත් කියල අද අපි ගැන කතා කරන්න මම හිතුව.

 අපි කිව්වම මම  ලාංකිකය ගැන කතා කරනව කියලම කියන්නම්. හෝඩියෙ පන්තියෙ ඉඳන්ම අපිට අපි ගැන උගන්වන්නෙ සිංහල ජාතිය විජය රජතුමාගෙන් පැවත එනව කියල. එතකොට අපි ඉන්දියාවෙන් ආපු ශ්‍රේෂ්ඨ ආර්‍යයන් පිරිසකගෙන පැවත එනව කියල තමයි ආඩම්බරයෙන් කියන්නෙ. එතනත් අපි විජය රජතුමාගෙ අර ආර්‍යයන් කියන වචනෙ මත්තෙන් කෘත්‍රිම පොරත්වයක් ආරෝපනය කරගත්ත කියල මට හිතෙනව. එතනින් ඉස්සරහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වෙනකන්ම  අපෙ ශ්‍රී විභූතිය වෙනදේසි කරන ගමන් අපේ දරුවන්ට ජාති මාමකත්වය උගන්වනව. අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනව. ඒක ඇත්ත. අපි ඒ ගැන කතා කරන්න ඕන. වැරද්දක් නෑ. 

ඒත්,

ටිකක් ලොකු වෙනකොට අපේ තව කොටසක් කියනව අපි උඩින් ගියේ සුද්ද වැද්ද කාලෙ කියල.  ඔන්න ඊට පස්සෙ රාවණා රජතුමාව කරළියට ගෙනල්ල දඬුමොනරෙ මාර්කට් කරනව. එතකොට අපි රාවණා රජතුමාගෙන් පැවත එනව. අපි දඬුමොණර හදපු ජාතියක්. අපි අඟහරු ඇල්ලුව ඉන්දියාවට ගැහුව කිය කිය රාවණා රජතුමාව උඩින් තියාගන්නව. එතකොට අපිට විජය රජතුමා මතකත් නෑ කුවේණි මතකත් නෑ අපි රාවණා රජතුමාගෙ යක්කු.  

මම දැන් කතාවට බහින්නම්. අහ්. අමතක වුනා. හොඳම හරිය. කව්රුත් දන්න, කාටත් තියෙන පොදු ප්‍රශ්නෙ. 

අපේ සීයගෙ කාලෙත් ලංකාව දියුණු වෙමින් පවතින රටක්..අපේ තාත්තගෙ කාලෙත්.. ඔව්. ඔව්. ඉතුරු ටික කියන්න ඕන නෑ. ඕක කොහෙත් කණින් කොණින් ඇහෙන උත්තර නැති හෑල්ලක්.

ඔන්න දැන් කියන්නම්. අපි හැමදාම කරේ අපේ ශ්‍රී විභූතිය කිය කිය රාවණාගෙ දඬු මොණරෙ මාර්කට් කරපු එක විතරයි. කාශ්‍යප රජතුමාගෙ සීගිරිය ප්‍රොමෝට් කරපු එක විතරයි. අපි විජයගෙන පැවතුනා කියල පම්පෝරි ගහපු එක විතරයි  අපි අපිට දෙයක් කරගත්තෙ නෑ. 

චීනෙන් එන ඉලෙක්ට්‍රික් බඩු අරගන්න අපි මග බලන් ඉන්නව. දැන් දැන් කැවුම් තම්බන්න අච්චුව පවා චීනෙන් ආනයනය කරනව. හැබැයි අපි තාම කියනව අපේ රාවණා තමයි දඬු මොණරෙ හැදුවෙ කියල. චීන බඩු ගන්නව. දඬු මොණ්රෙ ගැන කියවනව.

 තව එකක් අමතක වුනා.

මොනව නැතත් අපි රටේ සල්ලි හූරන් කන දේෂපාලකයොන්ට උඩ පැනල හුරේ දාල උන්ට අනාගතයක් හදල දීල ඒව දිහා බලාගෙන සතුටෙන් ඉන්න ජාතියක්. 
ඇත්ත තමයි. මෙහෙම ජාතියක් මේ ලෝකෙ කොහේවත් නෑ. 

මොනව උනත් තාමත් අපි නව තාක්ෂනය හරහා ලෝකය ඉදිරියට නොගියොත්, සෑම පාසලකම ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම් නොකරොත්, දේෂපාලකයො අපි වෙනුවෙන් මිසක අපි දේෂපාලකයො වෙනුවෙන් නොවේ කියල තේරුම් නොගන්නා තාක් තව පරම්පරා හත අටකම පොඩි උන්ට උගන්වන්න වෙන්නෙ, පුතේ ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක් කියල තමයි.

අහ් අමතක වුනා..
අපි උඩින් ගියේ සුද්ද වැද්ද කාලෙ. 
ඒ ඇති 🇱🇰 💪 

0 comments:

Post a Comment