8:57:00 AM
1
ගොඩක් දවසකින් මම අද පෝස්ට් එකක් ලියනවා. ලියන්න එක හේතුවක් තමයි ෆේස්බුක් එකේ ගොඩක් අය කතා කරන්නේ සයිටම් එක ගැන. හොදයි මමත් මගේ අදහස කියන්නම්. කැමති කට්ටිය කියවලා අදහසක් දක්වන්න. මොකද සංවාදයට විවෘත මාතෘකාවකි නිසා.
ගොඩක් අය බනිනවා සයිටම් එකෙන් උපාධිය අරගන්නේ සල්ලිකාරයො විතරයි කියලා. ඊට අමතරව තවත් කොටසක් කියනවා සියළුම ප්‍රයිවට් කැම්පස් වහලා දාන්න ඕන කියලා.
හැමදාම කියන්න වගේ ගොඩක් අයට ජීවිතේ තේරෙන්න ගන්නේ ටිකක් කල් ගිහාම. හිතන්න ඔයාගේ යාළුවො එක්ක එකට ඉස්කෝලෙ හිටපු යාළුවට කැම්පස් යන්න බැරි වුනා කියලා. හරි එ්ක උගේ වැරැද්ද. ඌට ඒ ලෙවල් කරද්දි ජීවිතේ තෙරුම් ගන්න බැරුව කොලුකමට වෙන වෙන දේවල් කරලා විභාගේ ඇනගත්තා කියමු. ( ගොඩක් අයට විභාගේ ඇනගත්තම ජීවිතේ පට්ට විදියට මීටර් වෙන්න ගන්නවා) වීභාගේ ඇනගත්ත ඌ හැමදාම ජීවිතෙත් ඇනගන්න ඕනද? නැත්නමි උගේ ජීවිතෙත් ගොඩදාගන්න ප්‍රයිවට් කැම්පස් එක්කට හරි ගිහිල්ලා ඉගෙන ගන්න ඕනද?
එතකොට උඹලා කියන්නේ කියන්නෙ ඌගේ අම්මටයි තාත්තටයි සල්ලි තියෙන නිසා ඌ සල්ලි දීලා ඩිග්‍රියක් ගහලා උඹලට කෙලවන්න හදනවා කියලද? නෑ. උන් හදන්නෙත් කොහොම හරි උගේ ජීවිතේ කොහොම හරි ගොඩදාගන්න. නැතුව ඩිග්‍රිය දාගෙන උඹලගේ රස්සාවලට විදින්න නෙවෙයි.
ගොඩක් දෙමවිපියො ගොඩක් මහන්සි වෙලා හරි හම්බ කරපු සල්ලි වියදම් කරලා හරි තමන්ගෙ දරුවට මේ විදියට ඉගෙනගන්න සලස්සන්න තමයි බලන්නේ. සල්ලිකාරයොම විතරක් නෙවෙයි ප්‍රයිවට් කැම්පස් යන්නේ. (සයිටම් ඇරෙන්න)
මිනිහෙක්ට ජීවිතේ එක තැනකදි වැරදිච්ච තැනක් තව තැනකදි හදාගන්න ඉඩ දීපල්ලා.
කොහොම හරි සයිටම් එක ගැනත් මම මගේ මතය කියන්නම්. ඩොක්ටර් කෙනෙක් වෙන්න උණ තියෙන එකා කොහොම හරි පාඩම් කරලා කැම්පස් යනවා. අපි හිතම් සල්ලි තියෙන එකෙකුත් ඔය ගේමම ගහලා කැම්පස් එකකට යන්න බැරි වුනා කියලා. ඌ කිසි කේස් එකක් නැතුව ඌට සල්ලි තියෙන නිසා පිටරට මෙඩිකල් කොලේජ් එකකට යනවා. තව එකක්. ලෝක අමාරුවෙන් එක්සෑම් ගොඩදාගත්ත එකෙක් ජීවිතේට මෙඩිසින් කරන්න යන්නෙ නෑනේ. ගියත් ඌ වැඩිකල් කරයිද කියලා හිතන්න අමාරුයි.ලංකාවෙ සයිටම් එක වගේ තැනක් තියෙන නිසා පිටරටට යන සල්ලි ලංකාවෙම ඉතිරි වෙනවා.
මෙහෙම දේකුත් තියෙනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යාල අඩුයි. ඒ නිසා රජය තවත් වෛද්‍ය විද්‍යාල ආරම්භ කරලා උසස් පෙළ විභාගෙන් සමත් සිසුන් අරගන්න ඕන. රජයක් විදියට කව්රු පත් වුනත් ඒ දේවල් වෙන්න ඕන.

1 comments: